ඉන්දියාවේ ඩිජිටල් වංචා 4300%කින් ඉහළට; 2025 වසරේ පාඩුව ඩො.බි 25ක්

0
ඉන්දියාවේ ඩිජිටල් වංචා 4300%කින් ඉහළට; 2025 වසරේ පාඩුව ඩො.බි 25ක්

ඉන්දියාවේ ඩිජිටල් වංචා 4300%කින් ඉහළට; 2025 වසරේ පාඩුව ඩො.බි 25ක්

පසුගිය වසරේ දී ඉන්දියාවේ සිදුවු ඩිජිටල් වංචාවල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 25ක් බව විදෙස් වාර්තා පෙන්වා දේ.

2021 වසරට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවු ඩිජිටල් වංචාවල වටිනාකම 4300%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය වසරේ දි එරට සිදුවූ ඩිජිටල් වංචාවල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 25ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව නව නීති රීති මාලාවක් හදුන්වාදීමට සූදානම් වේ.

බොහෝ විට වංචාකරුවන් රජයේ නිල වෙබ් අඩවිවලට සමාන ව්‍යාජ ලින්ක් කෙටි පණිවුඩ හරහා යොමු කෙරේ.

උදාහරණයක් ලෙස රථ වාහන දඩමුදල් ගෙවන ලෙස පවසමින් එවන පණිවුඩ වල ඇති ලින්ක් හරහා ගොස් ගෙවීම් සිදුකිරීමට යාමේ දී පාරිභෝගිකයාගේ බැංකුගිනුම්වල ඇති මුදල් සොරකම් කිරීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් බියට පත් කර හෝ හදිසියක් ඇති කරමින්ද මෙම වංචාව සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

කෙසේ වුවද නීතිය මගින් පමණක් මෙය පාලනය කළ නොහැකි බවත් ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ගණුදෙනු සමග පාරිභෝගික දැනුවත් භාවයද ඉහළ නැංවිය යුතු බවයි එරට විශේෂඥයන් පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com