පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දු කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දු කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දු කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මාර්තු 9 වනදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දු කරන්නැයි ඉල්ලා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ආචාර්ය හරිනි අමරසූරිය එම බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ සහ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය,මුදල් අමාත්‍යංශ ලේකම්, මැතිවරණ කොමිසම, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු 35 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

තැපැල් ඡන්දයට දින නියමකර තිබියදී ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සාකච්ඡාවකට කැදවා තිබු බව පෙත්සමේ සඳහන් වේ.

ඉන් පසුව අත්‍යවශ්‍ය සේවා කටයුතු සදහා පමණක් මුදල් වෙන්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළ අතර එවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නැති බවට පෙත්සම්කරුවන් චෝදනා කරයි. රජයේ මුද්‍රණාලයාධිපතිනිය තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් නොකිරීම නිසා ඡන්දය පැවැත්වීමට නොහැකි වූ බවද පෙත්සමේ සඳහන් වේ.

අප්‍රේල් 25 වනදා ඡන්දය පැවැත්වීමට යෝග්‍ය බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළද ඊට අදාළ පියවර කිසිවක් මෙතෙක් ගෙන නැති බවත්, නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා ලෙසටත්, වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *