සමෘද්ධි අරමුදල්වලින් ලබාගත් රුපියල් කෝටි 4765ක් ආපසු ගෙවීම පැහැර හැරලා

සමෘද්ධි අරමුදල්වලින් ලබාගත් රුපියල් කෝටි 4765ක් ආපසු ගෙවීම පැහැර හැරලා

සමෘද්ධි අරමුදල්වලින් ලබාගත් රුපියල් කෝටි 4765ක් ආපසු ගෙවීම පැහැර හැරලා

රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල් සහ අනිවාර්ය ඉතුරුම්වලින් රජය මෙම මුදල ලබාගෙන ඇතැයි පැවසෙයි.

මේ අතර සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර නවයක කාලපරිච්ඡේදය තුළ රුපියල් කෝටි තිස් තුන් දහස් හත්සිය හැට හතරක් වැයකර ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *