රාජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් වසරකට ඩො. කෝටි 100ක් අහිමි

ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට

ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට

රාජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් ආදායම් කාන්දු වීම්, ආයෝජන ප්‍රමාද සහ නිසි ලෙස විදේශ විනිමය ඉපයීම් සිදු නොවීමෙන් වසරකට ඩොලර් කෝටි 100 ඉක්මවන මුදලක් රටට අහිමි වන බව වාර්තා වේ.

ඍජු විදේශ ආයෝජන, අපනයන වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපයීම් යනාදි ක්ෂේත්‍රවල සේවා සපයන රාජ්‍ය ආයතනවල තොරතුරු පද්ධතිය එකිනෙකට මනාව සම්බන්ධීකරණය නොවීම හේතුවෙන් වසරකට මෙරටට අහිමි වන මේසා විශාල මුදල නැවත රටට ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසන්නැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට යෝජනා කොට තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නැතිව තොරතුරු පැවතීම මත විවිධ ජාවාරම්, සොරකම්, වංචා, කොල්ලකෑම්, වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම්, ව්‍යාජකරණ ක්‍රියාවලි සහ තවත් අක්‍රමිකතා රාශියක් හේතුවෙන්ද ආයෝජන ගෙන්වීමට පහසුකම් සපයන ආයතන අතර පවතින ප්‍රමාද සහ මන්දගාමි ස්වරූපය මතද මෙරටට මුදල් ලැබීම අහිමි වනු වනු ඇත.

මෙවැනි ආදායම් කාන්දු වීම් වැළැක්වීම සඳහා ඊ-රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සමඟ ‘National Trade facilitation Platform’ සංකල්පය ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට යෝජනා කොට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *