සීතාවක ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍රයක් අලෙවි කිරීම පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්

ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්

ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්

ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ ඉදිරිපත් වී ඇති චෝදනා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඇල්ල ඔඩිසි දුම්රියෙන් ගමන් ගන්නා මගියෙකුගෙන් අන්තර් ජාලය හරහා අමෙරිකානු ඩොලර් 99.99 කට ප්‍රවේශ පත්‍රයක් අලෙවි කිරීමට දැරූ උත්සහයක් ඊට හේතුව වූ බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ඇල්ල ඔඩිසි දුම්රියෙන් ගමන් ගන්නා එක් මගියෙකුගෙන් අන්තර්ජාලය ඔස්සේ රුපියල් 36,000කට ප්‍රවේශ පත්‍රයක් ලබාදීමට කළ උත්සාහයක් හෙළිවී තිබේ.

එමෙන්ම සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය ආසන වෙන්කරවාගෙන දුම්රිය සම්පූර්ණයෙන්ම මගීන්ගෙන් පිරී තිබියදී නියමිත වේලාවට ධාවනය නොවීම ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියා රැසක් වාර්තා වී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද පිළිබඳ සොයා බලන ලෙස බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *