මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළට

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5%ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5%ක් දක්වා ඉහළ දමා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩපිළිවෙළ යටතේ උද්ධමනය තවදුරටත් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පොලී අනුපාත ඉහළ දමන බව එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *