හිඟව පවතින ඖෂධ 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වේ

0
හිඟව පවතින ඖෂධ 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වේ

හිඟව පවතින ඖෂධ 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වේ

මෙරට හිඟව පවතින ඖෂධ වර්ග 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනම් මහතා අතර පැවති සාකච්ඡාවකදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව ජිනිවා නුවරදි මෙම සාකච්ඡාව පැවැත් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, මෙරට ඖෂධ හිඟය හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com