පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක්
කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (03) මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ (03) පෙත්සම විමසා බැලීමට ලක් කෙරුණ අතර පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා ගැනීමද වළක්වමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.




