විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම පාර්ලිමේන්තුවට

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් (23) ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

දීර්ඝ කාලින ජනන සැලසුම, රජයේ ප්‍රතිපත්තිය වන 2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය, 2050 වන විට කාබන් උදාසීනත්වය ලබා ගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීම යන ප්‍රතිපත්තියට අනුකුලව සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර විදුලි බිල වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් විදුලි කප්පාදුව සිදු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමෙන් පසුව විදුලි කප්පාදුව නැවතුණේ ජලාශ පිරීගොස් ඇති නිසාද යන්න ඇතැම් දේශපාලකයන් ප්‍රශ්න කරන බවයි.

ගාස්තු සංශෝධනයක් කළ විගස බැංකු මගින් ණය ලබා දීමට කැමැත්ත පළ කිරීම නිසා විදුලි කප්පාදුව නැවත්වීමට හැකි වූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය 2024 වසරේ දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට සකස් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *