ණය ගැටළුව විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

ණය ගැටළුව විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

ණය ගැටළුව විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටළුව විසඳීම සඳහා චීනයට අනිකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඉන්දියාවේ බැංගලෝරයේ පැවති ජී20 සාමාජික රටවල හමුවකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව ගත් උත්සාහය පිළිබඳ තමන් ස්තුතිවන්ත වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය හමුවීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.

චීනය ශ්‍රී ලංකාවේ ණය වසර දෙකකට අත් හිටුවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන බව පැවැසුවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය යම් ප්‍රමාණයක් කපා හරින්නේදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *