තමිල්නාඩු ධීවරයින්ට සිදු කරන පහරදීම් නතර කරන්න කියන්න – තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය මධ්‍යම රජයට

තමිල්නාඩු ධීවරයින්ට සිදු කරන පහරදීම් නතර කරන්න කියන්න - තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය මධ්‍යම රජයට

තමිල්නාඩු ධීවරයින්ට සිදු කරන පහරදීම් නතර කරන්න කියන්න - තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය මධ්‍යම රජයට

තමිල්නාඩු ධීවරයින්ට සිදු කරන පහර දීම් නතර කරන ලෙස ශ්‍රී ලංකාවට දැනුම්දෙන්නැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් මහතා එරට මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 6 දෙනෙකුට පහරදීමේ තවත් සිදුවීමක් පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි.

අදාල ප්‍රහාර නැවැත්වීම සඳහා ඉහළම මට්ටමින් ශක්තිමත් සහ සම්බන්ධීකරණ ප්‍රයත්නයන් ආරම්භ කිරීම සඳහා මධ්‍යම රජය සුදුසු රාජ්‍යතාන්ත්‍රික පියවර ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මයිලඩුතුරෙයි හි පදිංචි එම ධීවරයින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටින අතරතුර (23) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පහරදී ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා යොමු කර ඇති ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධීවරයින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර නිරන්තරයෙන් ඉන්දීය ධීවරයින්ට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ඔවුන් තුළ සිය ජීවනෝපාය පවත්වාගෙන යාමට බියක්ද නිර්මාණය වී ඇති බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් මහතා වැඩිදුරටත් එම ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *