අපේක්ෂකයින් 80,672ක් මෙවර පළාත් පාලන මැතිවරණ තරඟ භූමියට

ඡන්දය කල් දැමීම පසුපස සැඟවුණු කැබිනට් භූමිකාව හෙළිවෙයි

ඡන්දය කල් දැමීම පසුපස සැඟවුණු කැබිනට් භූමිකාව හෙළිවෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ 76,873 ක් සුදුසුකම් ලබා තිබේ. ඒ අතරින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව, 75 579කි. මෙවර අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී තිබූ අතර එම සංඛ්‍යාව, 3187ක් වේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *