ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා උතුරු ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා උතුරු ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා උතුරු ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ලෙස සැළකිය හැකි සත්ත්වයෙකු උතුරු ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමු වී තිබේ.

සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල මෙම මැඩියා ‘ටොඩ්සිලා‘ ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිලෝග්‍රෑම් 2.7ක බරකින් මෙම මැඩියා යුක්තය. වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට මෙම මැඩියා අයත් බවයි.

මෙම මැඩියාගේ වයස අවුරුදු 15ක් පමණ වෙතැයි අනුමාන කෙරේ. මෙලෙස හමුවූ මැඩියාව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ.

මැඩියන් විශේෂ ඔස්ට්‍රේලියාවට හඳුන්වාදී ඇත්තේ 1935දීය. ඉතා හානිකර පලිබෝධකයෙක් ලෙස මැඩියා සැලකෙයි. එරට තුළ බිලියන 2ක පමණ මැඩියන් ගහනයක් ඇතැයි සදහන් වේ.

මින් පෙර ලොව විශාලතම මැඩියා ලෙස ගිනස් වාර්තාවක් තබා ඇත්තේ 1991දී ස්වීඩනයෙන් හමු වූ මැඩියෙකු වන අතර එම සත්ත්වයාගේ බර කිලෝග්‍රෑම් 2.65ක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *