පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

0
කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට (13) දැනුම් දුන්නේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු ඉදිරිපත් කළ පෙත්සම අද කැදවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මෙම දැනුම් දීම සිදුකළේය.

පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සදහා අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සදහා ලබන 18වැනිදා කැදවන ලෙස නියම කළේය.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතීපතිවරයා පෙනී සිටීමක් නොකරන බව දන්වා ඇති බවයි. රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නුසුදුසු බව පෙත්සම්කරු සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com