මී ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම් කිහිපයක් වටලයි

මී ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම් කිහිපයක් වටලයි

මී ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම් කිහිපයක් වටලයි

මී ඔයේ මහා පරිමාණයෙන් සිදුවන වැලි ජාවාරම් කිහිපයක් වැටලීමට පුත්තලම කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකය සමත් වුණා.

ඉවක්බවක් නොකරමින් දීර්ඝ කාලයක් පුරා සිදු කෙරුනු මෙම මහා පරිමාණ වැලි කැනීම් නිසා මී ඔයේ ඉවුරු දැඩි ඛාදනයකට ලක්ව තිබුණා. සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුවයි මෙම මෙහෙයුම් සිදු කෙරුණේ.

පොලිසිය පැමිණෙන අවස්ථාවේදී වැලි කැනීමේ යෙදී සිටි පුද්ගලයන් පලාගොස් තිබූ අතර ඒ සදහා යොදාගත් බැරල් පාරු ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති වයිජීඑම් සෙනෙවිරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *