පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85ක්

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අයදුම්පත් කැඳවනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17කට අදාළව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීමට නියමිතය.

සෑම අධීක්ෂණ කාරක සභාවක් සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකු පත් කර ගැනීමට අනුමැතිය ලැබී ඇත.

මේ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ට එම කාරක සභා විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක්, වෘත්තීමය පළපුරුද්දක් සහ නිපුණතාවක් තිබිය යුතු බවත් අයදුම්කරුවන් අයදුම්පත් බාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතු බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කරයි.

අයදුම්පත් අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත්ද සමග 2023 ජනවාරි 09 දින හෝ ඊට පෙර ලැබෙනසේ “පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *