නොවැම්බර් 15 සිට මසක පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදාවේ 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වෙයි

නොවැම්බර් 15 සිට මසක පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදාවේ 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වෙයි

නොවැම්බර් 15 සිට මසක පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදාවේ 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වෙයි

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිසෙන් යුද හමුදා සාමාජිකයන් 16,174 දෙනෙකු, නාවික හමුදාවේ 1,061 දෙනකු, ගුවන් හමුදාවේ 967 දෙනකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පිරිස අතර නිලධාරීන් 32ක් සහ සෙසු නිළයන් 15,891 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට ඇති අතර (15) දිනය වන විට මසක කාලය තුළ පමණක් මෙම පිරිස ඉදිරිපත්ව සිටි බව හමුදා ප්‍රකාශවරයා කියා සිටියේය.

මෙම පිරිසෙන් නිලධාරීන් 21 දෙනකු සහ සෙසු නිළයන් 15,619ක පිරිස නිශ්කාශන කටයුතු අවසන් කර හමුදා සේවයෙන් ඉවත්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කීය.

තවත් නිලධාරීන් නිලධාරියෙක් සහ සෙසු නිළයන් 151 දෙනකු සේවයෙන් ඉවත්වීම නිශ්කාශන කටයුතු අවසන් වනතෙක් රෙජිමේන්තු මධ්‍යස්ථානවල රඳවා සිටින බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හමුදා සේවය හැරගොස් විදේශව සිටින හමුදා සමාජිකයන්ට මෙම පොදු සමාකාලය තුළ නීතියාණුකූලව ඉවත්වීම සදහා අවස්ථාව හිමිව වු අතර, එලෙස විදේශ ගත වු නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිළයන් 91 දෙනකු ඔවුන්ගේ ළගම ඥාතින් හරහා රේජිමේන්තු මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර හමුදා ඉවත් වී ඇති බවද හමුදා ප්‍රකාශතවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *