පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රක්ෂණාවරණයක්! කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක්!

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරතවී විවිධ හේතූන් මත රැකියා අහිමි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවීමේ නැඹුරුතාවයක් දක්නට ලැබෙන බවය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙය ඉතා සංකීර්ණ සමාජ ගැටලුවකට යොමුවී ඇති බවය. රැකියාව අහිමිව නැවත රැකියාවකට යොමුවන තෙක්වූ කාලය සඳහා උපරිම වශයෙන් මාස තුනකට සීමාවන පරිදි මාසික දීමනාවක් ලබාදීමට හැකිවන ආකාරයට රක්ෂණාවරණයක් ලබාදීමට හා ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරුණි.

එමෙන්ම රජයේ සේවකයින් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට සහනයක් ලැබෙන බවත් පෞද්ගලික අංශයේ සේවකයින් හටද එවැනි සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීමටද එහිදී යෝජනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ සේවක භාරකාර අරමුදලින් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණය සඳහා කිසියම් මුදලක් වෙන්කිරීම යෝග්‍යවනු ඇති බවය. ඒ අනුව සේවක භාරකාර අරමුදල යටතේ මෙම නව ක්‍රම දෙක ඇතුළත්වන පරිදි සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් ඇති කිරිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මෙය කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටුවීමට යෝජනා කරන බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *