ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 200ක්; සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මිලියන 50ක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

2023 – 2027 කාලය තුළ සැපයුම් සේවා වැඩසටහන් ආරම්භ කරන බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කර ගත හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය හඳුන්වාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 200ක් වෙන් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

සේව්‍ය සේවක දෙපාර්ශ්වය රටේ ප්‍රගතිය නැංවීමට කටයුතු කළ යුතු බවත් ආර්ථිකයට හා සේවක දෙපාර්ශ්වයට ප්‍රතිලාභ ලැබෙන පරිදි නව කම්කරු නීතියක් ඇති කිරිමට යෝජනා කරන බවත් ඒ මහතා කියා සිටියා.

භාවිත නොකරන හා ඵලදායි ලෙස යොදා නොගන්නා ඉඩම් අපනයන භෝග වෙනුවෙන් යොදා ගැනීමට අවස්ථාව දෙන අතර මේ වෙනුවෙන් නව නීතියක් හඳුන්වා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. රජයේ සියලු ඉඩම් බැහැර කිරීමේ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා පමණක් සිදුකරන බවද අවධාරණය කළා.

මේ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට යෝජනා කරන බවද ඒ මහතා කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *