මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නව රසායනාගාරයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය; ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්

මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට 2023 අයවැය යෝජනා හරහා ජනාධිපතිවරයා යෝජනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම නව රසායනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙන බවය. ප්‍රමිතීත් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුනි.

එසේම නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව මෙම නව රසායනාගාරය පිහිටුවීමට 2023 අයවැය හරහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කිරීමට තීරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *