මහ භාණ්ඩාගාරයේ ප්‍රමාදයෙන් මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් දැඩි දුෂ්කරතාවයට

මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා වාහන මිලදී ගැනීමට ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර මුදල (subsidy) මහ භාණ්ඩාගාරය ප්‍රමාදකර බැංකුවලට යොමුකිරීම නිසා එම ණය ලබාගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

එම ණය මුදල වෙනුවෙන් වාරික මුදල් (installment) ගෙවීම මේ හේතුවෙන් දීර්ඝවීම නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බව කලාකරුවෝ පිරිසක් පැවසූහ. මේ සම්බන්ධයෙන් අප ලංකා බැංකු මූලස්ථානයේ පෞද්ගලික ශාඛාවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ එම ණය මුදල සඳහා රජයෙන් (මහ භාණ්ඩාගාරයෙන්) ලැබෙන සහනාධාර මුදල ප්‍රමාද වන බවයි.

එම සහනාධාර මුදල පසුගිය කාලයේ දී ලැබුණේ කොටසින් කොටස බවද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.

පොලී රහිත ණය මුදල සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය මෙනිසා කලට වේලාවට අදාල බැංකුවලට යොමු කිරීමට කටයුතු කරන්නැයි කලාකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති. මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා මෙම පොලී රහිත ණය මුදල ලබා දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදීය.

ණය යෝජනා ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ට ලබාදුන් එම ණය මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 12කි. අදාළ ගිවිසුම අනුව, කලාකරුවන්ගෙන් ණය මුදල පමණක් වාරික වශයෙන් අය කර ගැනෙන අතර ණය මුදලේ පොලිය (සහනාධාර) ගෙවනු ලබන්නේ රජය විසිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *