ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලිංගික අතවර චෝදනා 4ක්! වැරදිකරු වුණොත් දැඩි පියවර!

ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් තහනම් වේ

ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් තහනම් වේ

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව,  (05)වන දා රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 29 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය සතියේ පොලිසියට කළ පැමිණිල්ලකින් පසු 31 හැවිරිදි ගුණතිලක මහතා ඉරිදා අලුයම 1.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයා පසුගිය බදාදා රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී හමු වී කාන්තාවකට ලිංගික අතවර කළ බවට පොලිසිය සදහන් කර තිබේ. ඔවුන් දින කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ කතාබස් කිරීමෙන් පසු මෙලස හමුව ඇති බව වාර්තාවේ. ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළය.

මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී ඇති අතර ධනුෂ්ක ගුණතිලකට පොලිසිය විසින් ඇප ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු ලබන සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි. ඒ අනුව ගුණතිලකව (07) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් එහි ඩිදුරටත් සඳහන්ව තිබේ.

අධිකරණයේ ක්‍රියා පාටි පාටීන් සිදුකරන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර එහිදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධව පූළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි. එහිදි ගුණතිලක මේ සඳහා වැරදිකරුවකු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණ ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *