ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි – ප්‍රසන්න රණතුංග

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි - ප්‍රසන්න රණතුංග

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි - ප්‍රසන්න රණතුංග

ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීම උපකාරී වන බවද අමාත්‍යවරයා කීය. ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් අමාත්‍යතුමාගේ ආරාධනය පරිදි මන්නාරම, එරුකලම්පිට්ටි “Zakath Kuwait” ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම උත්සවය මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී (06) පැවැත්වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *