අමාත්‍යංශ 04ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට! ගැසට් නිවේදනය නිකුත්කරයි!

අමාත්‍යංශ 04ක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මෙන්ම ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විෂය පථය යටතේ පවතින බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් පසු මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *