ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි

0
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි

තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස මා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකිබව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, (04) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතයාංශයේ දී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිළ වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.

පත් කරන ලද නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

01 ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සභාපති
02 අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා ලේකම්
03 දොස්තර මහියා ගුණසේකර මහතා සාමාජික
04 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
ප්‍රසන්න චන්දිත් මහතා සාමාජික
05 සනත් ජයසූරිය මහතා සාමාජික
06 ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සාමාජික
07 තිලකා ජිනදාස මහත්මිය සාමාජිකා

• ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැස්වෙල් ද සිල්වා මහතා විදේශ ගතව සිටින බැවින් මෙම අවස්ථාවට සහභාගී නොවීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com