දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණයි - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණයි - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයිද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම ඕන යැයි කී සරත් ෆොන්සේකා මහතා අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු යැයිද අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයිද නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *