දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක්; දෙසැම්බර් මාසයේ 1000ක් විශ්‍රාම යාමටත් නියමිතයි

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

දුම්රිය සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

සේවකයින් 21,000ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙහෙයුම් කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවත් සෙනෙවිරත්න මහතා කීවේය.

වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 1000කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.

දුම්රිය නියාමකවරුන් නොමැති වීමෙන් දැනටමත් දුම්රිය ප්‍රමාණයක් අවලංගු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු කාර්ය කාර්යමණ්ඩල සේවකයින් සහ නියාමකවරුන්, මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ කාර්මික කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාමෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් සෙනෙවිරත්න මහතා කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *