විහාරස්ථානයක මාසික විදුලි පරිභෝජනය ඒකක 8,500ක්; විදුලි බිල රුපියල් ලක්‍ෂ පහමාරයි

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක්

විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බවද සඳහන් කළේය.

මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.

සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75ක් පමණ ඒකක 180කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *