කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂිත කලාප අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇත.

අදාළ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් මෙසේ ගැසට් නිවේදනයක් නිකුත්වන්නේ වසර ගණනාවකට පසුවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *