කේරල ගංජා කිලෝ 155ක් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට

රු.කෝටි 5ක වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155ක් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට

රු.කෝටි 5ක වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155ක් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155කට අධික තොගයක් සහ සැකකරුවන් දෙදෙනකු නොරොච්චෝල ඉලංතඩිය ප්‍රදේශයේ(23) අළුයම් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම කේරළ ගංජා තොගය සමග මෝටර් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් භාරයට ගත් බවත් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නාවික හමුදාව කීය.

නිවසක් අසළ නවතා තිබූ මෝටර් රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, පාර්සල් හැත්තෑ 78ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 155 ග්‍රෑම් 450ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ‍නෙකු එම මෝටර් රථය සහ මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් එම ස්ථානයේ තිබී භාරයට ගත් බව කී නාවික හමුදාව සැකකරුවන් දෙදෙන අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් බවද සඳහන් කළේය.

එම කේරල ගංජා තොගය, සැකකරුවන් දෙදෙනා, මෝටර් රථ දෙක සහ යතුරුපැදි දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද නාවික හමුදා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *