යුක්‍රේනයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 775ක වටිනාකමින් යුතු අවි ආයුධ

අධිවේගී මිසයිල නාශක

අධිවේගී මිසයිල නාශක

ඇමෙරිකා ඩොලර් මිලියන 775ක වටිනාකමින් යුතු අවි ආයුධ යුක්‍රේනයට ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා.

අධිවේගී මිසයිල නාශක අවිද මෙම ආයුධ තොගයට අයත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. රුසියාවේ මිසයිල රේඩාර් පද්ධතියට මෙමගින් හානි සිදුකළ හැකි බව යුද විශ්ලේෂකයන් පවසනවා. නව තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති හයිමාස් වර්ගයේ රොකට් ගිනි අවි මෙන්ම ටෝ වර්ගයේ මිසයිලද යුක්‍රේනයට ලබා දීමට ඇමෙරිකාව පියවර ගත්තා.

පසුගිය අප්‍රේල් මාසයේදී මුහුදුබත්වීමට ලක්වූ රුසියාවේ මොස්ක්වා යුද නෞකාවට ප්‍රහාර එල්ලකළේද මෙවැනි අධිතාක්ෂණික අවි වලින් බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *