අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙනවා – යුරෝපීය රටවල තානාපතිවරු

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙනවා - යුරෝපීය රටවල තානාපතිවරු

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙනවා - යුරෝපීය රටවල තානාපතිවරු

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට (24) පොරොන්දුවූහ.

එම තානාපතිවරුන් මෙසේ පොරොන්දු වූයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා (24) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
“යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් විදිහට සලකන්න” යැයිද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ. ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ස්ථිර පණිවිඩයක් ලබාදීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව තානාපතිවරු පෙන්වා දුන්හ.

කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය. වගා කර නොමැති රජයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවත් යුද්ධයෙන් පසු මානුෂීය තත්වයන් සැලකිල්ලට ගෙන ජනතාවට දීර්ඝකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම නීතිය ක්‍රියාත්මකවීමේදී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති බවද ඔහු කීවේය.
ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡාව කෙරිණ.

මේ සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *