“සුහුරු”කාඩ්පත් නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ලක්‍ෂ 10ක් අතර මග

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්‍ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.‍

ඕස්ට්‍රෙිලියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්‍ෂ හයක් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *