සමස්ත සේවාවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා – රවී කුමුදේෂ්

සමස්ත සේවාවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා - රවී කුමුදේෂ්

සමස්ත සේවාවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා - රවී කුමුදේෂ්

සෞඛ්‍ය සේවාව මැයි (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට සහ සමස්ත සේවා මැයි (09) සවස 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම තීරණය ගෙන ඇති බවය. ගෝල්ෆේස් අරගල බිමේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ඔහු මේ බව පැවසීය.

මේ අතර, සාමාන්‍ය මහජනතාවගේ සාමකාමී විරෝධතාවට එල්ල වූ ‘ම්ලෙච්ඡ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස’ මැයි (10) පෙරවරු 8 දක්වා වහාම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විධායක කමිටු රැස්වීමේදී ඔවුන් මේ තීරණය ගෙන ඇත.

(10) පැවැත්වීමට නියමිත හදිසි විධායක සභා කමිටු රැස්වීමේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාම පිළිබදව තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *