ස්කොට්ලන්තයේ වසරේ නැගී එන පාපන්දු ක්‍රීඩිකාවූ ලාංකීය සලකුණ ජසින්තා ගලබඩආරච්චි

ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු ක්‍රීඩිකා සම්මාන උළෙලේ වසරේ නැගී එන පාපන්දු ක්‍රීඩිකාවූ ලාංකීය සලකුණ ජසින්තා ගලබඩආරච්චි

ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු ක්‍රීඩිකා සම්මාන උළෙලේ වසරේ නැගී එන පාපන්දු ක්‍රීඩිකාවූ ලාංකීය සලකුණ ජසින්තා ගලබඩආරච්චි

ලොව පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි අගිස්සේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට, යුරෝපානු පාපන්දු සමාජයකට ක්‍රීඩා කිරීමද සිහිනයකි.නමුත් මෙම කාරණයෙන් අපට යම් අස්වැසිල්ලක් ලබාදෙමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජසින්තා ගලබඩආරච්චි පසුගියදා පාපන්දුවෙන් ශ්‍රී ලංකාවටද කීර්තියක් අත්කර දුන්නේ පළමුවරට පැවැති ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු ක්‍රීඩිකා සම්මාන උළෙලේ වසරේ නැගී එන පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමත් සමගිනි.

තවමත් 21 හැවිරිදි වියේ පසුවන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඇයට තේරීම් පරික්ෂණයකට පවා ආරාධනා කළේය. ඒ ඇයට වයස අවුරුදු 09ක් පමණ වූ කාලයේදීය. අනතුරුව මැන්වෙස්ටර් ඇකඩමියේ සති අටක කාලයක පුහුණුව ලැබූ ඇය, වයස අවුරුදු 14දී ඔස්ටේ‍්‍රලියානු පිරිමි ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

කෙසේ නමුත් වික්ටෝරියානු පාපන්දු සම්මේලනය විසින් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව ජසින්තා 2016 වසරේදී මෙල්බර්න් සිටි කණ්ඩායමට එක්වූ අතර, ඇය. 2016-17 තරගවාරයේදී එම කණ්ඩායම වෙනුවෙන් තරග පහකට සහභාගි විය. ඉන් අනතුරුව ඇය එංගලන්තයට ගොස් විවිධ ක්‍රීඩා සමාජ හා එක්වී පුහුණුවීම් කළාය. කෙසේ නමුත් ඒ වනවිට ඇයට වයස අවුරුදු 18ක් සම්පුර්ණ වී නොතිබූ නිසා කිසිඳු ක්‍රීඩා සමාජයක් සමග ගිවිසුමකට එළඹීමට නොහැකි විය.

ජසින්තා 2018 වසරේදී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, එහිදී 2018-19 ඔස්ට්‍රේලියානු කාන්තා ලීගයට ක්‍රීඩා කිරීම සඳහා පත් ලෝහී කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වූවාය. ඉන් අනතුරුව ඇය 2019 වසරේදී නැවත වරක් එංගලන්තයට ගිය අතර, එහිදී ඇය වෙස්ට්හැම් යුනයිටඩ් සමගින් එක් විය. ඇයගේ දක්ෂතා දුටු ඉතාලි නාපෝලි කණ්ඩායම ඇය සමග 2020 වර්ෂයේදී ගිවිසුම්ගත විය. අනතුරුව ජසින්තා ගේ වත්මන් ක්‍රීඩා සමාජය වන සෙල්ටික් සමගින් ඇය ගිවිසුම්ගත වූයේ පසුගිය 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. ඉදිරිපෙළ ක්‍රීඩිකාවක් ලෙසින් ජසින්තා මේ දක්වා සෙල්පික් ක්‍රීඩා සමාජයට තරග 22ක් ක්‍රීඩා කරගෝල 05ක් වාර්තා කර ඇත.

ජසින්තා 2016-2018 කාල සීමාවේදී ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 17න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර, 2018 වසරේදී එරට වයස. අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කර ඇත. 2017 වසරේ පෘතුගාලයේ පැවැති ඇල්ගාර්ඩ් කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම හෙවත් ‘මැටිල්ඩ්ස්” කණ්ඩායම නියෝජනය කිරීම සඳහාද ජසින්තා සංචිතගත වූවාය. උස අඩි පහමාරක් වන ජසින්තා, එරට ක්‍රීඩිකාවන් හා සසඳද්දී තරමක් උසින් අඩු වුවද දක්ෂතා මෙන්ම රූ සපුවෙන්ද අනෙක් ක්‍රීඩිකාවන් අබිබවා ඇය අද වනවිට යුරෝපානු පාපන්දුවේ ජනප්‍රිය චරිතයක් වී හමාරය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *