දේශපාලනඥයින්ට සියලුම රූපවාහිනී ගුවන් විදුලි නාළිකා තහනමක්

දේශපාලනඥයින්ට සියලුම රූපවාහිනී ගුවන් විදුලි නාළිකා තහනමක්

දේශපාලනඥයින්ට සියලුම රූපවාහිනී ගුවන් විදුලි නාළිකා තහනමක්

රූපවාහිනී ගුවන් විදුලි නාළිකා දේශපාලනඥයින්ට තහනම් කරයි.

සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා (04) සිට සිය ප්‍රවෘත්ති විකාශයන්දී හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත. ඒ වෙනුවට වෘත්තිකයින්, තාක්ෂණවේදීන් සහ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ට ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීමට අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටු වීමට සියලුම දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසයි.

එසේම සියලු වැඩසටහන්වලට ප්‍රමුඛතාව වන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුද පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම යැයිද සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *