මිල්ලනියේ කොල්ල කල්ලියක් පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ල කයි

මිල්ලනියේ කොල්ල කල්ලියක් පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ල කයි

මිල්ලනියේ කොල්ල කල්ලියක් පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ල කයි

මිල්ලනිය, පරගස්තොට පෞද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්‍රියේදී කඩාවැදුණු කොල්ල කල්ලියක් එහි සිටි ආරක්ෂක නිලධාරීන් බැඳදමා වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගෙන ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය සඳහන් කරයි.

ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ 250ක්, ඩෙටනේටර් 250ක්, වොටර් ජෙල් 21ක් මෙන්ම ආරක්ෂක නිලධාරීන් සතු ජංගම දුරකථන හතරක් හා යතුරුපැදියක්ද කොල්ලකා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. මධ්‍යම රාත්‍රි පසු වනවාත් සමඟම මෙම පෞද්ගලික සමාගම පිහිටි භූමියේ පිටුපසින් ඇතුළුවී කොල්ලකරුවන් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිවු දෙනාගේ අත් පා බැඳ දමා මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

කොල්ලය සඳහා පුද්ගලයන් තිදෙනකු පැමිණි බවට ආරක්ෂක නිලධාරීන් ලබාදුන් තොරතුරුවලින් හෙළිවන බව පොලිසිය කියයි. කොල්ලකරුවන් කොල්ලකන ලද පුපුරන ද්‍රව්‍ය රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත. මෙම වෙඩි බෙහෙත් තොගය කොල්ලකෑම ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, ඇඟිලි සටහන් නිලධාරීන් මෙන්ම පොලිස් නිල සුනඛයන් ද යොදවා පරීක්ෂණ පැවැත්වෙයි. පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි උපාලි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *