රාජපක්ෂ පවුල් පාලනය බිඳ වැටෙයි

හදිසි නීතිය පැණවීමෙන් අනතුරුව, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගන්නවා වෙනුවට අහෝසි කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් රාජපක්ෂ පවුල් පාලනය බිඳ වැටී, පරාජය වක්‍රාකාරයෙන් පිළිගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි රට පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එයින් දින පහකට පසුව එය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය (05)වැනි දා රාත්‍රියේ නිකුත් කර තිබේ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් අනිවාර්යයෙන්ම පරාජයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණ මෙයට පෙර ප්‍රකාශයට පත්කර තිබිණි.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය වෙනස්වීමත් සමඟ හදිසි නීතිය සම්මත කර ගැනීමට තිබුණු ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවිනිශ්චිතතාවයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ඉවත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *