සජබයේ මැයි රැළියේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
සජබයේ මැයි රැළියේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයට පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර තිබේ.
එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් හේතුවෙන් එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවයි.
මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බවද ඇය විසින් සඳහන් කර තිබෙනවා.
එබැවින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බවයි ලිපියේ දැනුම් දී තිබෙන්නේ.
එනමුත් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.




