ලඟදීම රුපියල ( 300.00ක් දක්වා) තවත් බාල්දු වෙන ලකුණු
                මෙරට ප්රධාන පෙළේ බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක් එනම් මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු හතර (15)වැනි දා නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 275 ක් දක්වා අවප්රමාණය වී ඇත.
ඇමෙරිකානු ඩොලරයකට මහජන බැංකුව ලබාදෙන ගැනුම් අනුපාතිකය රුපියල් 264.33ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 274.99කි. ලංකා බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 265ක් වන අතර විකුණුම් අනුපාතිකය 275කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඩොලර් 265.00ක් වන අතර විකුණුම් අනුපාතිකය 275.00කි. සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය 265ක් සහ විකුණුම් අනුපාතිකය 275ක් වේ.

                                            



