ජනපති හා IMF නියෝජිතයන් අතර හමුවක්; IMF සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

ජනපති හා IMF නියෝජිතයන් අතර හමුවක්; IMF සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

ජනපති හා IMF නියෝජිතයන් අතර හමුවක්; IMF සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය යොමුවී තිබේ.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේ දී මෙම අනුමැතිය හිමිව ඇත. එම අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා (14) දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක නිරත වී ඇත.

එමෙන්ම ජනාධිපතිතුමා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් (15) පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චංජි වොන්ග් රී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන් මේරි ගල්ඩ් වුල්ෆ් සහ එහි ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් යන අය ඒ අතර වුණා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන අයද සාකච්ඡාවට එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *