ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යනවිට පාකිස්තානයේ තෙල් මිල පහලට

ඉන්ධන සහ විදුලිය භාවිතා කරන්නන් සඳහා සහනාධාර ලබාදීමට පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගෙන තිබෙනවා. පකිස්තානු අගමැතිවරයා මෙවැනි සහනයක් සිය ජනතාවට ලබා දෙන්නේ දිනෙන් දිනම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අධි වේගයෙන් ඉහළ යමින් තිබියදී වීම විශේෂත්වයකි.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති අතර විදුලි ගාස්තු ඒකකයකින් රුපියල් 05 බැගින් පහත දමා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ මීලඟ අයවැය තෙක් කිසිදු හේතුවක් මත ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි.

පාකිස්තානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වූ පකිස්තානු රුපියල් බිලියන 441 ඉක්මවා යාමට පසුගිය මාසයේදී හැකි වී තිබෙනවා. මේ නිසා අතිරික්ත ආදායමේ කොටසක් සහනාධාර ලෙස රටේ ජනතාවට ලබාදීමට පකිස්තානු අගමැතිවරයා පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *