ඉලක්ක සපුරා ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත් හරින්නේ නැහැ – රුසියාව; අමෙරිකානු හමුදා යොමුකරන්නේ නෑ – බයිඩන්

ඉලක්ක සපුරා ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත් හරින්නේ නැහැ - රුසියාව; අමෙරිකානු හමුදා යොමුකරන්නේ නෑ - බයිඩන්
යුක්රේනය තුළ සටන් කිරීමට අමෙරිකානු හමුදා යොමුනොකරන බව එරට ජනපති ජෝ බයිඩන් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නේටෝ සාමාජික රටවල් ආරක්ෂා කිරීමට එම සංවිධානය කටයුුතු කරනු ඇති බවයි. රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කලාපය වසා දැමීමටද ජෝ බයිඩන් මේවනවිට තීරණය කර තිබෙනවා.
මේ අතර තම ඉලක්ක සාක්ෂාත් කර ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත්නොහරින බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන බව රුසියානු මාධ්‍ය නිවේදනය කර තිබෙනවා.
බටහිර රටවලින් රුසියාව ආරක්ෂාකර ගැනීම තම ඉලක්කය බවයි රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගේ ශොයිගු සඳහන් කරන්නේ.
යුක්රේනය ආක්‍රමණය කළද රුසියා පාලනයට නතුකර ගැනීමක් කිසිසේත්ම සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.