නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්

0
නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්

නැගෙනහිර ඉඩම් ආරක්ෂාවට විශේෂ කමිටුවක්

නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, නැගෙනහිර පළාතේ ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.

එම කමිටුවේ සභාපතිත්වය දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වර්තමාන දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් දරනු ලබන අතර, අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන සාමාජිකයන්ද ඊට ඇතුළත් වේ.

දේශපාලන බලය හෝ හිතවත්කම් භාවිත කරමින් සිදුකරන අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සහ ගොඩ කිරීම් වැළැක්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමටද තීරණය කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වසර 5කට හෝ ඊට පෙර වාණිජ අරමුණු සඳහා ලබාදී තිබුණද මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ ඉඩම් නැවත රජයට පවරා ගැනීමට තීරණය කර තිබේ.

එලෙස පවරා ගන්නා ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී, ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ භාවිත කිරීමට සැලසුම් කර ඇත.

නැගෙනහිර වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාද විශේෂ සැලැස්මක් සකස් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com