ඇමෙරිකාව – ඉරානය අතර අවසන් එකඟතාවයකට දින 60ක කාලරාමුවක්

0
අමෙරිකාව – ඉරානය අතර අවසන් එකඟතාවයකට දින 60ක කාලරාමුවක්

අමෙරිකාව – ඉරානය අතර අවසන් එකඟතාවයකට දින 60ක කාලරාමුවක්

අමෙරිකාව සහ ඉරානය අතර අවසන් එකඟතාවයකට දින 60ක් ඇතුළත ළඟාවීම සඳහා වන කාලරාමුවකට දෙරට එකඟතාවයකට පැමිණ ඇති බව මැදිහත්කරුවන් වන කටාර් සහ පකිස්ථානය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධය වාර්තා කරයි.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වල පළමු දිනයේදී “ප්‍රබල ප්‍රගතියක්” අත්කරගෙන ඇති බවද ඔවුන් මෙහිදී සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ජුනි 17 වැනිදා අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කළ කරුණු 14කින් සමන්විත අවබෝධතා ගිවිසුම අනුවයි.

මැදහත්කාර රටවල් වන පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම කටාර් හි අගමැති ෂෙයික් මොහොමඩ් බින් අල් තානිද එම විශේෂ අවස්ථාවට සහභාගි වුණා.

නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා පළකළ තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් සාම සාකච්ඡා කඩාකප්පල්වීමේ අවදානමක්ද මතු වූ බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com