වර්තමාන නායකයින් ගන්නා තීරණවලින් මිනිස්කම සම්පූර්ණයෙන් ම යටකරලා දාලා! නීතිය වල් වැදිලා ! – කාදිනල් හිමි

මෙරටට නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයින් සිදු කළේ රටට විශාල විනාශයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ,කටාන ප්‍රදේශයේ පැවති ආශීර්වාද ගැන්වීමේ උත්සවයකදී උන් වහන්සේ මේ බව පැවසූහ.

උන් වහන්සේ තවදුරටත් සඳහන් කළේ,

“මේ නිදහස් වෙළෙඳ ආර්ථිකය කියන ක්‍රමවේදය අපිට හඳුන්වලා දුන්නු අය කළේ, මේ රටට ලොකු විනාශයක් ගෙන දෙන එකයි. නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමය තුළ අශීලාචාර තරගකාරිත්වයක් සමාජය තුළ බිහි වෙලා අනිත් අයට මොනවා වුණ ත් කමක් නෑ, මම පෝසත් වෙන්න ඕනේ. මම ලොකු මනුස්සයෙක් වෙන්න ඕනේ. මම බලවතෙක් වෙන්න ඕනේ කියලා හිතාගෙන නීතිය සම්පූර්ණයෙන් ම වල් වැදිච්ච සමාජ ක්‍රමයක් අද මේ ලංකාවේ බිහි වෙලා තියෙනවා. ඒක අවුරුදු ගණනක් තිස්සේ සිදුවෙච්ච දෙයක්. ඒක නිසා මේ දූෂණකාරී පරිසරයෙන් අපිට මිදෙන්න පුළුවන් වෙයි ද? දෙයියෝ විතරයි දන්නේ. අපි දන්නේ නෑ මොනවා ද මේ වෙන්න යන්නේ කියලා?

හිතුවක්කාර විධියට නායකයෝ තීරණ අරගෙන මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම පාගා දමන සමාජ ක්‍රමයක් අද ඇති වෙලා තියෙනවා. එක්කෙනෙකුගේ අතට සම්පූර්ණ බලතල ලැබෙන අනිත් අය ගැන කිසි ම තැකීමක්, අනිත් අයගේ අදහස් උදහස් විමසීමට උනන්දුවක් නැති නායක සමාජ ක්‍රමයක්, රාජ්‍ය සමාජ ක්‍රමයක් අද බිහි වෙලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන් ම අපේ රටට ලොකු අවාසානාවක්. අද ඇති වෙලා තියෙන බලයෙන් පිස්සු වැටුණු සමාජයක් තුළ විවිධ අය බල කාමයෙන් මුලා වෙලා හැසිරෙන ආකාරය යි අපි දකින්නේ. ඕගොල්ලෝ උන්නත් එක යි, මම සන්තෝෂයෙන් හිටියොත් ඇති යි කියලා හිතා ගන්න ක්‍රමවේදය තමයි මේ නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමයෙන් රටට ඇවිල්ලා තියෙන්නේ. අපේ රට තුළ නීතිය සම්පූර්ණයෙන් ම අමතක වෙච්ච සමාජ ක්‍රමයක් බිහිවෙච්ච් නිසා අපේ රට තුළ මේ තත්ත්වය උදා වෙලා තියෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *