සෞඛ්‍ය වර්ජනයෙන් අසරන වු රෝගීන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා ආරම්භ කර ඇති වැඩ වර්ජනය විසඳුම් නොලැබීම නිසා තවදුරටත් ඉදිරියට යන අයුරක් පෙන්නුම් කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වර්ජනයේ නියුතු වෘත්තීය සමිති ප්‍රකාශ කරන අතර සෞඛ්‍ය ඇමතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නේ එම ඉල්ලීම්වලින් බොහොමයකට මේ වනවිටත් විසඳුම් ලබාදී ඇති බව හා ඉතිරි ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සලකා බලමින් යන බවය. මෙම වර්ජනයට සහාය නොදක්වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙහෙයවන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වර්ජනයට සහාය නොදක්වන සිය සමාජිකයින්ට තර්ජන එල්ලවන බව පවසමින් වර්ජනයට එරෙහි ස්ථාවරයක සිට අදහස් පළකරමින් සිටින අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඔහුටද ප්‍රතිචාර දක්වමින් සිටියි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය මෙම වර්ජනය හේතුවෙන් රෝගීන්ගේ අයිතිවාසිකම් කඩවන බවට අදහස් පළකරමින් සිටින අතර ඒ වර්ජනය හේතුවෙන් පීඩා විඳි රෝගීන්ගේ දුක්ගැනවිලිවලට අමතරවය.

සෞඛ්‍ය වැඩවර්ජනයේ ඉල්ලීම් සාධාරණද අසාධාරණද යන්න සලකා බැලීම මෙම සටහනේ අරමුණ නොවන අතර විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව වැනි රෝගී ජීවිත සමඟ කටයුතු කරන ක්ෂේත්‍රවල ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමවේද රෝගීන්ට හානියක් නොවන පරිදි සිදුකළ නොහැකිද යන ප්‍රශ්නය මතු කිරීම සඳහා ගන්නා උත්සහායකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *