ශ්‍රී ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දූෂණය වෙලා – චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දූෂණය වෙලා - චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දූෂණය වෙලා - චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දූෂණය වී ඇති බවට වකුගඩු රෝගය සඳහා මෑතකදී සිදුකරන ලද පර්යේෂණයකදී සනාථ වී ඇති බවත්, ඒ අනුව එම තත්වයට වෛද්‍යවරුන් මූලිකව වගකිවයුතු වන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. හෙතෙම චෝදනා කර සිටියේ,

ඇතැම් වෛද්‍යවරුන් ‘වන්ෂොට්ලා’ වීමට. බලාපොරොත්තුවෙන් ආසාධ්‍ය තත්වයන්හිදී නිර්දේශ කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ පවා සුළු රෝගී තත්වයන්ට ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.එසේම ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයද ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, මෙම තත්වය අවම කිරීම සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය විසින් කෝවිඩ් වසංගත සමයේදී රෝගී ජනතාව වෙත සිදුකරන ලද සේවය ඇගයීම පිණිස සිය රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවති ඇගයීම් උළෙලේදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ,

“දැන් තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රතිජීවක ඔෂධ අවභාවිත කිරීමට වෛද්‍යවරු තමයි මේ සඳහා මූලිකව වගකියන්න ඕන. ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කිරීමත් අපේ රටේ සිද්ධ වෙනවා. බටහිර රටක සාමාන්‍යයෙන් රෝගියෙකුට දෙන්න 100 පාරක් හිතන ප්‍රතිජීවක ඖෂධ අපේ රටේ භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම මෑතකදී වකුගඩු රෝගය සඳහා කළ පර්යේෂණයකදී ජලය විශ්ලේෂණයට ලක් කළා. ඒ විශේෂණයේදී හෙළිදරව් වුණ ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දූෂණය වෙලා තියෙනවා කියලා පාවිච්චි කරන ප්‍රමාණය කොපමණ කියනවා නම් ප්‍රතිජීවක ඖෂධ ජල ප්‍රභවයන් එකතුවෙලා තියෙනවා.සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ දවසකට නැත්තම් දෙකකට දෙන්නේ.

දවස් 4 – 5 දෙන ප්‍රතිජීවක ඖෂධ දැන් දවසකට දෙන්නේ. සමහර ඔෂධ තියෙනවා ආසාදිත තත්ත්වයකදී පමණක් භාවිත කරන්න. නමුත් ඒවා කඩා දරුවන්ට සාමාන උණ, හෙම්බිරිස්සාව තත්ත්වයේදී පවා දැන් ලබා දෙනවා. වෛද්‍යවරුන් වන්ෂොට්ලා වෙන්න බලාපොරොත්තු වෙනවා.මේ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරයා දෙන බෙහෙත් තුණ්ඩුව සමග කැපිටල් “R” අකුර වගේ පේන්න තියෙන්නේ ඉරක් පමණයි. අපි මේ ගැන කතා කළා ජාතික ඖෂධ නියාමන අධිකාරි සමග. ඒ පනත මගින් නිශ්චිත වශයෙන්ම බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි බෙහෙත් කැපිටල් අකුරෙන් ලියන්න ඕන කියන එක සහ නීති ගෙන ඒමට. එමගින් සිදුවන අවභාවිතයක් අඩු වේව්” යනුවෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *