ලංකාවට ගෙන්වූ දුම්රිය මැදිරි 80ක්, එංජින් 7ක් මාස 18ක් තිස්සේ ධාවනයට එක්කර නෑ

දුම්රිය මාර්ගය අබලන් වීමට, දුම්රිය පීලි පැනීමට හදුන්වා දුන් අපූරු විසඳුම

දුම්රිය මාර්ගය අබලන් වීමට, දුම්රිය පීලි පැනීමට හදුන්වා දුන් අපූරු විසඳුම

මීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03ක් පමණක් බවත් මාස 6කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බවත් වාර්තා වනවා.

දුම්රිය මැදිරි ගෙන්වීමේදී නිදන මැදරිද ගෙන්වීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් දැනට ලංකාවට ගෙන්වා ඇති දුම්රිය මැදිරි තුළ එක් නිදන මැදිරියක් හෝ නොමැති බවද වාර්තා වෙයි.

මීට මාස හයකට පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 80 ගාල්කර තිබියදී තවත් දුම්රිය මැදිරි 80ක් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති කසුන් චාමර මහතා පැවැසීය.

මෙසේ ගෙන්වන මැදිරි තුළද නිදන මැදිරි නොමැති නොමැති බවත් ඒවා මෙරටට ගෙන්වීමට පෙර නිදන මැදිරි ආකාරයට කිහිපයක් හෝ සකස්කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසීය.

ලංකාවට ගෙන්වා ඇති මැදිරි හා එන්ජින් ධාවනයට එක් නොකිරීම මගින්ට සිදුකරන අසාධාරණයක් බවත් දැනට භාවිත කරන අබලන් දුම්රිය මැදිරි වෙනුවට නව දුම්රිය මැදිරිය ධාවනයට එක්කරන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පැවැසීය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *