බංගබන්ධු ආසියානු මධ්‍යම වොලිබෝල් ශූරයන්ගේ කුසලානය ශ්‍රී ලංකා පිලට

බංගබන්ධු ආසියානු මධ්‍යම වොලිබෝල් ශූරයන්ගේ කුසලානය ශ්‍රී ලංකා පිලට

බංගබන්ධු ආසියානු මධ්‍යම වොලිබෝල් ශූරයන්ගේ කුසලානය ශ්‍රී ලංකා පිලට

බංගබන්ධු ආසියානු මධ්‍යම කලාපයේ පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලාන අවසන් මහා තරගයේදී බංග්ලාදේශය පරදවා ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

බංග්ලාදේශයේ පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය වැනි රටවල් තරග වැදුණි.
ලීග් වටයේදී මාලදිවයින, උස්බෙකිස්තානය සහ බංගලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව (28) අවසන් මහා තරගයට බංගලාදේශයට මුහුණ දුන්නීය.

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසන් තරගයේදී ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. තරගයේ පළමු වටයේ ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා කිරීම නිසා පළමු වටය අවසන් මොහොතේ වේගවත් විය. කණ්ඩායම් දෙකම එක් අවස්ථාවකදී ලකුණු 23-23ක් ලෙස සම ප්‍රබලත්වය පෙන්නුම් කළේය. කෙසේ වෙතත් අවසන් මොහොතේ පළමු වටය ලකුණු 28-26ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූයේ සිය උපරිම දක්ෂතාව පෙන්වමිනි.

පසුව ආරම්භ වූ දෙවැනි වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය මෙන්ම ආධිපත්‍යය දැරීය. විශේෂයෙන්ම බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 3ක් පමණක් වන අතර ශ්‍රී ලංකාව ලකුණු 10ක් ලබා ගත්තා. කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම තරගය සැහැල්ලුවට නොගෙන හොඳින් ක්‍රීඩා කර තිබුණි. මුල්පෙළ ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි වටය 25-20ක් ලෙස ජය ගත්හ.

මෙහි කාන්තා ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුනේ නේපාල කාන්තා පිලයි. ශ්‍රී ලංකා කාන්තා පිල 3වන ස්ථානයට පත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *